ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්
Monday, 04 November 2024 - 13:54 | Views - 261
ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ දී තීරණයක් ගැනීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
මේ වන විට කිලෝ ග්රෑම් 12.05 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මෙන්ම කිලෝ ග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,474කට වෙළදපොලේ අලෙවි කෙරෙනවා.
මේ අතර ලෝක වෙළෙඳපොළේ එල්. ජී ගෑස් මිල ඉහළ යාමක් පෙන්නුම් කළද සිය ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඒ අනුව, මේ වන විට කිලෝ ග්රෑම් 12.5 ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කට මෙන්ම කිලෝ ග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482 කට වෙළදපොලේ අලෙවි කෙරෙනවා.
Share This Article