ලිට්රෝ ගෑස් මිල , එලෙසමයි !
Monday, 04 November 2024 - 11:52 | Views - 1,031
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති චන්න ගුණවර්ධන පවසනවා.
ඒ අනුව, 2024 නොවැම්බර් මාසයට අදාළව ද , දැනට පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.
කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස ද, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස ද ,
එමෙන්ම කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස මිල නොවෙනස්ව පවතිනු ඇති.
Share This Article