තැපැල් ඡන්ද සලකුණු කිරීම අදත්...
Monday, 04 November 2024 - 11:28 | Views - 218
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ තුන්වන දිනය අද (04)ට යෙදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අද ත්රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට හා රාජ්ය ආයතනවල තැපැල් ජන්ද හිමි නිලධාරීන්ට තැපැල් ජන්දය සළකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සඳහන් කළා.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මීට පෙර පසුගිය ඔක්තෝබර් 30 හා නොවැම්බර් 01 යන දිනවලදී පැවැත්විණා.
Share This Article