ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..
මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.ඒ අනුව, රුපියල් 311ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල ද වෙනසක් සිදුව නැහැ.එමෙන්ම රුපියල් 319ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 313ක්.එමෙන්ම රුපියල් 183ක්ව පැවති මිලද එලෙසින්ම පවතිනවා.ඔක්ටේන් 95 පෙට්‍රල් මිල 6කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 371ක් ලෙස වෙනවා.
=========================
සිනොපෙක් සමාගමත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලයන්හි වෙනසක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371.00ක් වෙනවා.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල 313.00 වෙනවා.
එමෙන්ම 280ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරය මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 283.00ක්.
රුපියල් 311.00ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වෙනසක් සිදුව නැහැ.