කොස් ඇටයට ගිය කලක් , මිල ඇහුවොත් ඔබත් පුදුම වෙයි ?
Thursday, 31 October 2024 - 13:34 | Views - 360

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පවතින කොස් හිඟය නිසා බැදපු කොස් ඇටයක මිල රුපියල් පහක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.

සෝයා මීට් නිෂ්පාදනය සඳහා ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල වැවෙන පොලොස් සඳහා ද ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවද වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරනවා.

මෙලෙස පොලොස්වලට තිබෙන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කොස් පළදාව සීග්‍රයෙන් පහත වැටීම නිසා ඇතැම් ප්‍රදේශවල කොස් හිඟයක් පවතින බවද සඳහන් වනවා.

මෙම තත්ත්වයන් මත කොස් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද වැඩි වී තිබෙනවා.

බැදපු කොස් ඇටයක් මේ දිනවල රුපියල් පහකට අලෙවි කෙරෙන අතර, ආහාර වශයෙන් පිළියෙල කිරීමට කොස් මදුළු පවා සොයා ගැනීමට නොමැති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉකුත් 2022 වසරේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, එවකට පැවති ආහාර අර්බුදය හේතුවෙන් කොස් පාරිභෝජනය සියයට 20 කින් ඉහළ ගොස් ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top