මීගොඩ වෙඩි තැබීමක්..
Thursday, 31 October 2024 - 9:34 | Views - 520
මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසනවා.
අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක් තබා ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නොමැති බවද වාර්තා වනවා.
අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
නිවසේ හිමිකරුට මීට පෙර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වී ඇති බවද පොලිසිය මෙහිදී සඳහන් කළා.
Share This Article