''ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් නව චින්තන පෙරළියක් සඳහා වූ මගකට පිවිසෙමු.. '' දීපාවලී දිනයට ජනපතිගෙන් සුබ පැතුම්..
Thursday, 31 October 2024 - 8:28 | Views - 259
රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මගකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැ’යි තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති එම පණිවිඩයේ මෙසේද සඳහන් කර තිබෙනවා.

''නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂා ඵල දැරීමකි. මෙතෙක්කල් ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වෙන පුනරුද යුගය අපි දැන් ආරම්භ කර ඇත්තෙමු.

දීපාවලි සැමරුමට පාදක වූ පුරාවෘත්ත කිහිපයක්ම පවතී. වසර 14ක වනවාසය අවසන් කර රාම රජු, සීතා හා ලක්ෂ්මනද කැටුව අයෝධ්‍යා පුරයට යළි පැමිණීම, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වූ ක්‍රිෂ්ණා නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම ආදිය ඒ අතර වේ. එම සිදුවීම් සිහිපත් කරමින් හින්දු බැතුමත්තු දීපාවලි උත්සවය සමරති.

අවිද්‍යාවේ ගනඳුර පළවා හරින්නට හැකි වන්නේ විද්‍යාවේ ආලෝකයට පමණි. ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මගකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු යැ’යි මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

සංස්කෘතික විවිධත්වයේ අලංකාරය අගයමින්, එකිනෙකා කෙරෙහි ගරුත්වය, පිළිගැනීම හා සහෝදරත්වයේ දෑත දිගු කරමු. බෙදාවෙන් කර දුර්වල කරන්නට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය පැමිණ ඇත. අසාධාරණය, වෙනස් කර සැලකීම්, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම ජේදනය කරන, වරප්‍රසාද ලාභීන් හා වරප්‍රසාද අහිමි වූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට අපි පෙරමුණ ගනිමු.

එලෙස, සහකම්පනීය හා විචාරශීලී නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කර ගැනීම සඳහා සියලුම ජනතාවටද මම ආරාධනා කරමි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳ අපගේ අපේක්ෂාව යථාවට නැගීමට නම් මෙම සංස්කෘතික, දේශපාලනික හා ආකල්පීය පරිවර්තනය අත්‍යවශ්‍ය බව මෙම දීපාවලියේ දී මම අවධාරණය කරමි.

දීපාවලි දිනයේ සෑම නිවසකම, නගර මුළුල්ලේම දැල්වෙන දහස් ගණනක පහන් ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්සතන් තුළ සුහදත්වයේ හා ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා’යි ප්‍රාර්ථනය කරමින් සමස්ත ලෝකවාසී සහ ශ්‍රී ලාංකික හින්දු භක්තිකයන්ට දීපාවලි සැමරුම් දින ශුභාසිංසන එක් කරමි.'' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top