නිල නිවාස භාර නොදුන්, හිටපු ඇමතිලාට නඩු..
Wednesday, 30 October 2024 - 15:46 | Views - 286
අද (30) වන තෙක්, නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
මේ අතර, හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු තවමත් නිල නිවාස රජයට භාරදී නොමැති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
රජයේ නිල නිවාස අත්පත් කර ගැනීමේ රෙගුලාසි මත මෙම පියවර ගැනීමට කටයුතු කෙරෙනු ඇති.
ඉකුත් සමයේ රජයේ ඇමතිවරුන්ට නිල නිවාස 28ක් ලබා දී තිබූ බව ද සඳහන්.
නිල නිවාස යළි භාරදිමේදී, අදාළ විදුලි හා ජල බිල්පත් ගෙවා තිබිය යුතු බවද සඳහන් කර තිබෙනවා.
Share This Article