ජොන්ස්ටන් ට දැඩි කොන්දේසි සහිත ව ඇප (Video)
Wednesday, 30 October 2024 - 12:23 | Views - 606
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.
ඒ ඔහු අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.
කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු පසුගියදා (23) අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article