හෙට උත්වසයට , අද සිට ඉහළට ගිය මිල මෙන්න..
Wednesday, 30 October 2024 - 10:24 | Views - 340
හෙට (31) දිනයට යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන්, පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව,
වම්බටු කිලෝවක තොග මිල රුපියල් 280 ත් 300 ත් අතර,
මෑ කරල් කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර,
පතෝල කිලෝවක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර,
අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 280 ත් 350 ත් අතර,
මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 480 ත් 500 ත් අතර,
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 330 ත් 350 ත් අතර පැවති බව යි සඳහන් වන්නේ.
මීට අමතරව, වට්ටක්කා කිලෝවක තොග මිලද රුපියල් 120 ක් දක්වා වැඩි වී තිබෙනවා..
කෙසේ වෙතත්, තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතියත් පහතරට එළවළු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබෙන බවටයි වාර්තා වන්නේ.
Share This Article