'' අපි කෙදිනකවත් රාජ්‍ය සේවකයින් රවට්ටන්නේ නෑ '' කැබිනට් ප්‍රකාශක
Tuesday, 29 October 2024 - 12:06 | Views - 185
ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව ත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
චක්‍ර ලේඛයේ සඳහන් පරිදි අදාළ, වැටුප් වැඩි කිරීම් සිදු කරන බවද කැබිනට් තීරණ දැනුම් දීමට එක්වෙමින් ඇමතිවරයා මේ පිළිබඳව සඳහන් කළා.
එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරිමට යෝජනාවක් සම්මත කර තිබෙනවා.
නමුත් වසර ගාණනාවක් පාර්ලිමේන්තුවේ හිටපු අයෙකු වශයෙන් භාණ්ඩාගාරයේ මුදල් තියෙවාද නැද්ද යන්න හිටපු ජනාධිපතිවරයා විමසා නොතිබු බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කර සිටියා.
එසේම, නව ආණ්ඩුව කෙදිනකවත් රාජ්‍ය සේවකයින් නොරවටන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article