අවදානම ගැන දැනුවත් කරමින්, විශේෂ ගැසට්ටුවක් නිකුත් වෙයි..
Tuesday, 29 October 2024 - 11:05 | Views - 240
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මෙය නිකුත් කර ඇත්තේ පසුගිය 25වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගුවන පරිදියි.සියලු අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මේ අනුව තහනම් වනු ඇති.

Share This Article