සුබ ආරංචියක් , දෙසැම්බරයේ විදුලි බිලෙහි වෙනසක්..
Tuesday, 29 October 2024 - 10:50 | Views - 290

මෙවර විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා විදුලිබල මණ්ඩලය පසුගිය බ්‍රහස්තිපන්දා මහජන උපයෝගිතා කොමිසමට ලබා දී තිබුණා.

එම යෝජනාවේ දැක්වුණේ, 4% ත් 11%ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු පහළ යා යුතු ලෙසයි.

ඒ පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරය විදුලිබල මණ්ඩලයට ඊයේ(28) දැනුම්දුන් අතර, මහජන උපදේශන ක්‍රියාවලියෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිතයි..

ඒ අනුව, දෙසැම්බර් මාසයේ සිට විදුලි ගාස්තු 6%කින් පමණ පහළ යනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ජනක රත්නායක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා..

එහිදී ඔහු සඳහන් කළේ, මෙම මිල අඩු කිරීමේ යෝජනාව ඉතා අසාධාරණ බවයි..

ලංවිමට 2023 අගෝස්තු මාසය දක්වා ලැබුණු දල ලාබය රුපියල් බිලියන 133ක් බවත්, අවම වශයෙන් විදුලි බිල 35%කින් පමණ අඩු කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කළා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top