ඔබත් පොදු ස්ථානවල WiFi භාවිත කරන අයෙක් නම් , ඔබත් අවදානමේ ?
Tuesday, 29 October 2024 - 10:42 | Views - 355

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන WiFi භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පැවසුවේ එවැනි ස්ථානවල WiFi භාවිතා කිරීමේ දී , පෞද්ගලික තොරතුරු සොරා ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබී ඇති බවයි.

එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන WiFi භාවිත කරමින් අන්තර්ජාල කටයුතු සිදුකිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව ද ඔහු සඳහන් කළා.

"නොමිලේ ලබා දෙන වයිෆයි සේවාවන් සමගම තවත් පුද්ගලයින්ට පුළුවන් ව්‍යාජ වයිෆයි සේවා ලබා දීලා පොදු මහජනතාව ඔවුන්ගේ සේවාවන් ලබා දීම එම සේවාව හරහා යොමු කරගෙන ඊට පස්සේ ප්‍රවේශවීමට ලබා දෙන මුරපද සහ අනෙකුත් සියලුම තොරතුරු සොරා ගැනීමකට ලක් කරන්න. විශේෂයෙන්ම පොදු ස්ථානවල ඇති වයිෆයි සම්බන්ධතාවයන්වලින් අන්තර්ජාලයට පිවිසීම් සිදුකරනවා නම් කිසිම විටක තමන්ගේ පෞද්ගලික ගිණුම්වලට පිවිසීම, විද්‍යුත් ලිපිනයන්ට ප්‍රවේශවීම සහ ගිණුම් කටයුතු සිදුකිරීම කිසිම වෙලාවක සිදු නොකළ යුතු බව."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top