තවත් නොවිසඳුණු අබිරහසක්..? ප්‍රසිද්ධ වලව්වක හිමිකරුට අත්වූ අවාසනාවන්ත ඉරණම..
Tuesday, 29 October 2024 - 10:07 | Views - 459
මේ කතාව ඇසෙන්නේ කෑගල්ල - බුළුරුප්ප ප්‍රදේශයෙන්..

කෑගල්ල - බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා.

සිය වයෝවෘද්ධ බිරිඳ සමඟින් මියගිය පුද්ගලයා එහි රැදී සිටිය දී කිසියම් පිරිසක් පැමිණ ඝාතනය සිදුකර නිවසේ තිබූ මෝටර් රථයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ..

පහර කෑමට ලක්වූ බිරි‍ද ද බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා..

වලව්වේ ආරක්ෂාවට සිටි පුද්ගලයා දින කිහිපයක සිට නිවසින් බැහැරව ගොස් ඇති අතර, ඔහුගේ පුත්‍රයෙකු වලව්වට පැමිණි අවස්ථාවේදී මෙම ඝාතනය දැක, පොලිසියට දැනුම් දී තිබෙනවා..

පොලිසිය පැමිණෙන අවස්ථාවේ වලව්වේ හිමිකරුගේ මුඛයට ප්ලාස්ටරයක් ගසා ඇඳ සිටි සරමින් ගෙල සිරකර ඝාතනය කර ඇති අතර, බිරිද ද පහරකෑමට ලක්ව බිම වැටී සිට ඇති බවයි වාර්තා වන්නේ..

මෙලෙස ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වයස අවුරුදු 75ක් වන අතර, ඔහු විශ්‍රාමික ගුරුවරයෙක්..

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ, කිසියම් පිරිසක් වලව්වට පැමිණ විදුලිය විසන්ධි කොට නිවසට ඇතුළු වී ඇති බවයි.

පසුව සැකකරුවන් පලාගිය මෝටර් රථය කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ පිංදෙණිය ප්‍රදේශයේ දමාගෙස් තිබියදී හමු වී තිබෙනවා. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top