'' බේකරි ජානා '' කොටු කරගත් STF මෙහෙයුම
Monday, 28 October 2024 - 15:49 | Views - 272
ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජානක ප්‍රසාද් හෙවත් '' බේකරි ජානා '' නැමැත්තා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී.
බොරලැස්ගමුව - දේවාලමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා මෝටර් රථයකින් යමින් සිටියදී යි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු 45 හැවිරිදි දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article