හිඟය නැතිවෙයි ද ? වාර්තාව ජනපති ට
Monday, 28 October 2024 - 11:05 | Views - 426
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව අද (28) දිනයේ දී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය (27) සහ (26) යන දෙදින තුළ අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි සහල් මෝල්වල සහල් හා වී තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත්, වෙළෙඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග කිහිපයක හිඟයක් නිර්මාණය වී ඇති පසුබිමක ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබුණා.
ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් මෙසේ පරීක්ෂාව ලක්කර තිබුණා.
Share This Article