විමල්ට උණ , නඩුව 25 ට කල් යයි..
Monday, 28 October 2024 - 10:56 | Views - 260

2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය පළ කරමින් කිසිඳු දැනුම්දීමකින් තොරව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 25 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

ඒ නඩුවේ සාක්ෂි කැඳවීම අද(28) යෙදී තිබුණු පසුබිමකයි.

කෙසේ නමුත්, විමල් වීරවංශ හට උණ රෝගය වැලඳී ඇති බැවින් අධිකරණයේ පෙනි නොසිටින ලෙස වෛද්‍ය උපදෙස් ලබා දී ඇති බව ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ විසින් අද අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට සාක්ෂි ලබා දීමට පැමිණි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොවැම්බර් 25 වනදා යළි පෙනී සිටින ලෙසයි දන්වා තිබුණේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top