මෙන්න වාසියක් ? අද නාරාහේන්පිටට එන්න..
Monday, 28 October 2024 - 9:07 | Views - 285
අද (28) දින සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව නාරාහේන්පිට කම්කරු කාර්යාල පරිශ්රයේ දී ක්රියාත්මක කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාව පෙරවරු 9.00 සිට විවෘත වන අතර,එහිදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 120කට ලබාගත හැකි බව සඳහන්.
මෙම ස්ථානයට පැමිණෙන පාරිභෝගික ජනතාවට පොල් ගෙඩි 5 බැගින් අලෙවි කරන බවත්, ගැබිනි මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි 10 බැගින් අලෙවි කරනු ලබයි.
එසේම හෙට (29)දින දෙහිවල නගරයේ දී පාරිභෝගික ජනතාව වෙනුවෙන් පොල් අලෙවි කරන බවයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ.
Share This Article