ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙතැනින්..
Sunday, 27 October 2024 - 0:11 | Views - 348
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ වැඩි ආසන ප්‍රමාණයක ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය ( මාලිමාව ) සමත් වී තිබෙනවා.

එහි සමස්ත ප්‍රතිඵල බෙදී ගිය අයුරුයි මේ..

2024 පළාත් පාලන මැතිවරණයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 17,295
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 15


සමගි ජන බලවේගය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 7,924
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 06


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 3,597
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 03


පොදුජන එක්සත් පෙරමුණ
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 2,612
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 02


ස්වාධීන කණ්ඩායම
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 2,568
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 02


පොදුජන එක්සත් නිදහස් සන්ධානය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 1,350
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 01


ජාතික ජනතා පක්ෂය
ලබාගත් ඡන්ද සංඛ්‍යාව - 521
හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 01


ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ආසන 17න් ආසන 15ක් හිමිකරගනිමින් ජය තහවුරු කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පළාත් පාලන කොට්ඨාස 17ක් වෙනුවෙන් සභිකයින් 30 දෙනෙකු තෝරා පත්කර ගැනෙනවා.

ඒ අනුව, කුඩාගල කදිරන්දොල, තිබ්බොටුවාව, ඇල්ල, අම්බනකහදූව, පිණිකහන, ඉඳිපලේගොඩ, වල්ලඔගල, කැටන්දොළ, තලාව, බටුවන්හේන, නවදගල, අමුගොඩ, මැටිවිලිය, ඕමත්ත, ඇල්පිටිය, යන කොට්ඨාසයන් 15ක ජය වාර්තා කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 17,295ක්.

එමෙන්ම පිටුවල, අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසයන් දෙකෙහි ජය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ සමගි ජන බලවේගය විසින්.

ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 7,924ක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,594ක සමස්ථ ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් තෙවන ස්ථානය ලබාගත් අතර, ඔවුන්ට කිසිඳු ප්‍රාදේශීය කොට්ඨාසයක ජය හිමිවුණේ නැහැ.

මෙහිදී සිව්වන ස්ථානය ලබාගත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,612ක්.

පස්වන ස්ථානය හිමිකර ගත්තේ ස්වාධීන කණ්ඩායමවන අතර, ඔවුන් ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2,568ක්.

ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 15කුත්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 06කුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 03කුත්, පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ධුර 02 බැගිනුත්, පොදුජන එක්සත් නිදහස් සන්ධානයට සහ ජාතික ජනතා පක්ෂයට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවුණා.

=======
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස මැතිවරණ ප්‍රතිඵලයන්

අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. සමගි ජන බලවේගය - ඡන්ද - 914
02. ජාතික ජන බලවේගය - ඡන්ද - 618
03. ස්වාධීන කණ්ඩායම - ඡන්ද - 354

ඕමත්ත ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,107
02. ස්වාධීන කණ්ඩායම - ඡන්ද - 661
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 297

මැටිවිලිය ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 421
02. පොදුජන එක්සත් පෙරමුණ - ඡන්ද - 399
03. සමගි ජන බලවේගය - ඡන්ද - 249

ඉඳිපලේගොඩ ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 683
02. ස්වාධීන කණ්ඩායම - ඡන්ද - 384
03. සමගි ජන බලවේගය - ඡන්ද - 310

අමුගොඩ ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 778
02. පොදුජන එක්සත් පෙරමුණ - ඡන්ද - 551
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 436

කැටන්දොල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 901
02. සමගි ජන බලවේගය - ඡන්ද - 320
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 270

ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,493
02. සමගි ජන බලවේගය - ඡන්ද - 384
03. ස්වාධීන කණ්ඩායම - ඡන්ද - 153

නවදගල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,084
02. සමගි ජන බලවේගය - ඡන්ද - 562
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 273

බටුවන්හේන ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,412
02. සමගි ජන බලවේගය - ඡන්ද - 438
03. ස්වාධීන කණ්ඩායම - ඡන්ද - 252

තලාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,542
02. සමගි ජන බලවේගය - ඡන්ද - 574
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 229

කුඩාගල / කදිරන්දොල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,750
02. සමගි ජන බලවේගය - ඡන්ද - 478
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 220

වල්ලඔගල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,138
02. සමගි ජන බලවේගය - ඡන්ද - 308
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 149

පිටුවල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. සමගි ජන බලවේගය - ඡන්ද - 1,132
02. ජාතික ජන බලවේගය - ඡන්ද - 712
03. පොදුජන එක්සත් නිදහස් සන්ධානය - ඡන්ද - 79

ඇල්ල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 817
02. සමගි ජන බලවේගය - ඡන්ද - 625
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 613

අම්බන / කහදූව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 985
02. ජාතික ජනතා පක්ෂය - ඡන්ද - 257
03. සමගි ජන බලවේගය - ඡන්ද - 244

පිණිකහන ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 1,076
02. සමගි ජන බලවේගය - ඡන්ද - 352
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 166

තිබ්බටුවාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිඵලය
01. ජාතික ජන බලවේගය - ඡන්ද - 778
02. සමගි ජන බලවේගය - ඡන්ද - 428
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද - 225

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 55,643 දෙනෙක් ලියාපදිංචි සිටි අතර, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වැදුණා.

අද (26) පෙරවරු 07 ට ආරම්භ වූ අදාළ ඡන්ද විමසීම පස්වරු 04ට අවසන් වූ අතර, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63.4%ක් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි ප්‍රකාශ කළේ.

එහිදී සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් 55,643න් 35,255ක් සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top