මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයටත් බෝම්බ බියක් ?
Friday, 25 October 2024 - 13:37 | Views - 286

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් ලියාපදිංචි තැපෑලෙන් ලැබී ඇති ලිපියක් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ මේ වනවිට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබාදී ඇති අතර අධිකරණ කටයුතු ද බාධාවකින් තොරව සිදු කෙරෙන බවයි.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බව දන්වමින් මහේස්ත්‍රාත්වරයාගේ නමට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබී තිබුණේ ඊයේ (24) පස්වරුවේයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ලිපිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා.
මඩකලපුව මහේස්ත්‍රාත්වරයාගේ නමට යොමුකර තිබූ එම ලිපියේ දන්වා තිබුණේ අද (25) සහ 28 යන දිනවලදී මහේස්ත්‍රාත් අධිකරණයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවයි.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම ලිපිය තැපැල් කර ඇත්තේ ව්‍යාජ ලිපිනයකින් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක්ද ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණෙන පුද්ගලයින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සෝදිසි කළා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සියලු ආරක්ෂක විධිවිධාන මේවනවිටත් යොදා ඇති අතර අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.
කෙසේ වෙතත්, මෙම ලිපිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
Share This Article