එක අයෙක්ට ගෙඩි පහක් දෙන්න , ලොරිය මහරගමට..
Friday, 25 October 2024 - 11:14 | Views - 428
පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් අද (25) සහන මිලට පොල් අලෙවි කිරීමේ ජංගම රථ සේවාවක් මහරගම නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙයින් එක් අයකුට පොල් ගෙඩි 05 බැගින් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවයි වාර්තා වන්නේ.
අද මහරගම ට පොල් ගෙඩි 5000ක පමණ ප්‍රමාණයක්, ගෙඩියක් රුපියල් 100ක් 120ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්.
මීට අමතරව හලාවත, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් පර්යේෂණ මණ්ඩලය මඟින් ද ජංගම රථ යොදාගෙන තෝරාගත් ප්‍රදේශ කිහිපයක පොල් අලෙවි කිරීම සිදුකරනු ලබනු ඇති.
Share This Article