අලුත් කරන්න නම් හිඟ ගෙවන්නම ඕනේ , මෙන්න සුරාවට තහංචියක්..
Friday, 25 October 2024 - 9:35 | Views - 3,255
මත්පැන් බලපත්‍රයට හිඟ බදු ගෙවීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා..

ඒ අනුව, මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිෂ්කාශන සහතික ලබා ගැනීමේදී අදාළ බලපත්‍රලාභියා විසින් අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු හිඟ බදු නිරවුල් කිරීමට සිදුකළ යුතු බවයි වාර්තා වෙන්නේ..

මත්පැන් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු නිශ්කාෂණ සහතික ලබා ගැනීමේදී 2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව භාරදී එම වාර්තාව අනුව බද්ද ගෙවා තිබිය යුතු බවත්, 2024/25 තක්සේරු වර්ෂයේ පළමුවැනි හා දෙවැනි කාර්තු සදහා ස්වයං තක්සේරු මත කරනු ලබන ගෙවීම් කර තිබිය යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා..

එසේම යම් කාල පරිච්ඡේදයකට අදාළව ගෙවිය යුතු බද්දක් නොමැති නම්, එයට හේතු ද අයැදුම්පතෙහි සඳහන් කළ යුතු වෙනවා..

කෙසේ වෙතත්, මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වන කාර්තුව දක්වා වන කාර්තු සඳහා වාර්තා භාරදී එම වාර්තා අනුව, එකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවා බදු නිශ්කාෂණ සහතිකය ලබා ගන්නා දිනය වනවිට පියවිය යුතු මාසික ගෙවීම් ගෙවා අවසන් කර තිබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top