'' බුද්ධි තොරතුරු ලැබුණා නම්, අමෙරිකානු තානාපති නිවේදනය එන තුරු සිටියේ ඇයි ? '' හිටපු ඇමති කංචන ප්‍රශ්න කරයි..
Thursday, 24 October 2024 - 11:18 | Views - 312

ඊයේ(23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් ආරුගම්බේ ප්‍රදේශයට කිසියම් ප්‍රහාරයක් එල්ල වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයෙන් පසු රටවල් ගණනාවක් ම ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදේශන යාවත්කාලීන කිරීමක් සිදු කරනු ලැබුවා.

ඒ අතරවාරයේ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක මණ්ඩලය නිවේදනය කළේ, එල්ල වීමට නියමිත යැයි සැක කෙරන ප්‍රහාරය තම වැසියන් ඉලක්ක කරගෙන සිදු වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් තම වැසියන්ට වහාම ශ්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙස හෝ කොළඹ නගරය වෙත පැමිණීමට වහා ම කටයුතු කරන ලෙසයි.

එවන් තත්ත්වයක් තුළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා.

එම ප්‍රකාශය මත පදනම්ව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල X ගිණුම හරහා ප්‍රශ්න කිහිපයක් මතු කර තිබෙනවා.

එහි දී හිටපු අමාත්‍යවරයා විමසන්නේ, ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා රජයට ලැබී ඇති බවත් එය ආරක්ෂක මණ්ඩල රැස්වීම් කිහිපයකදී සාකච්ඡා කර, විමර්ශනය කර, පූර්වාරක්ෂාව සහතික කළ බවට වැඩබලන පොලිස්පතිවරයා විමසුවත්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිවේදනය පිටවීමට පෙර රජයට තොරතුරු තිබුණේ නම්, නිලධාරීන් මීට පෙර ආරක්ෂාව තර නොකළේ මන්දැයි යනුවෙන්.

එසේ ම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හමුවක් කැඳවා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එවැනි තර්ජනයක් වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජය අපොහොසත් වූයේ මන්ද යන්නත් හිටපු අමාත්‍යවරයා සිය X පණිවිඩය හරහා විමසන අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය කිසිවිටෙක සැහැල්ලුවට නොගත යුතු නමුත්, සංචාරක ආදායම රටට වැදගත්ම ආදායම් මාර්ගයක් වන බවයි.

තව ද, ශ්‍රී ලංකා රජයට කලින් තොරතුරු තිබුණේ නම් සහ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කළේ නම්, ගත් පූර්වාරක්‍ෂාවන් සමඟ සංචාරක උපදේශන අනතුරු ඇඟවීමක් වළක්වා ගත හැකිව තිබූ බව පවසන හිටපු අමාත්‍යවරයා සිය X පණිවිඩය හරහා පවසන්නේ, ජනාධිපතිවරයා සහ සහ විදේශ අමාත්‍යවරයා අවම වශයෙන් දැන්වත් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා ගෙන ඇති පියවර පිළිබඳව කෙටියෙන් සඳහන් කර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඉවත් කිරීමට විදේශ දූත මණ්ඩල සමඟ කටයුතු කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top