පැය දෙකහමාරකට පසු නාමල් CIDයෙන් එළියට එයි.. (UPDATE)
Thursday, 24 October 2024 - 10:33 | Views - 447
UPDATE..
පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ තිබෙනවා.
2010 - 2015 කාල සීමාව තුළ තමන්ට ලැබුණු මුදල් පිළිබඳ නිර්නාමික ලැබී ඇති පැමිණිල්ලකට අනුව තමන්ව මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි ඔහු ඉන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.
-------------------------------------------------
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් තිබෙනවා.
ඒ , ප්‍රකාශයක් ලබාදීම සඳහා බවටයි වාර්තා වන්නේ.
Share This Article