වම් අතෙහි මහපටඟිල්ල පාට වෙන , ඇල්පිටියේ පුංචි ඡන්දය
Thursday, 24 October 2024 - 10:27 | Views - 215

ලබන (26) එනම් අනිද්දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී , ඡන්දය සලකුණු කරන විට වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම හේතුවෙන්.

මෙලෙස සිදු කිරීමෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වැනි අධිකාරය) 53අ(3) වගන්තියෙන් ඡන්දදායකයා උචිත ලකුණින් සළකුණු කිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලුව නිරාකරණය වනු ඇති.

ඡන්දදායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල නොමැති නම් ඔහු‌ගේ දකුණු අතෙහි මහපටඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සලකුණු කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top