වම් අතෙහි මහපටඟිල්ල පාට වෙන , ඇල්පිටියේ පුංචි ඡන්දය
Thursday, 24 October 2024 - 10:27 | Views - 216
ලබන (26) එනම් අනිද්දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ දී , ඡන්දය සලකුණු කරන විට වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම හේතුවෙන්.
මෙලෙස සිදු කිරීමෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 වැනි අධිකාරය) 53අ(3) වගන්තියෙන් ඡන්දදායකයා උචිත ලකුණින් සළකුණු කිරීම සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලුව නිරාකරණය වනු ඇති.
ඡන්දදායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි මහපටඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණින් සලකුණු කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article