ඇල්පිටිය පුංචි ඡන්දෙට සියලු කටයුතු සූදානම්...
Thursday, 24 October 2024 - 9:50 | Views - 289

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා තැපැල් ඡන්ද භාවිත කිරිම සදහා සුදුසුකම් ලැබු රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 95කට වඩා වැඩි පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි පවසනවා.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා රාජ්‍ය සේවකයින් 1576 දෙනෙකු තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.
එසේම, ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවද ඔහු සඳහන් කළා.
තවද, හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, ඒ සඳහා මුහුණදීමට අවශ්‍ය කටයුතු සැළසුම්කර ඇති බවද සඳහන්.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා රාජ්‍ය නිලධාරින් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් 500 දෙනෙකු යෙදවීමට සැලසුම්කොට ඇති බව ද , ඡන්ද පෙට්ටි නිකුත් කිරිම හෙට (25) පෙරවරුවේ දි සිදුකරන බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථානය තුළදීම සිදුකරන බවත්, ඡන්ද ප්‍රථිපලය රාත්‍රි 10.00 පමණ වනවිට නිකුත් කිරිමට හැකි බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළා.
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්ද විමසීම අනිද්දා (26) වැනිදා පැවැත්විමට නියමිතව තිබෙනවා.
Share This Article