පාසලකට හදිසියේම නිවාඩු , මෙන්න විස්තරේ..
Thursday, 24 October 2024 - 9:39 | Views - 356
පවතින වර්ෂාව මත නාය යාමේ තත්ත්වයක් සැලකිල්ලට ගෙන තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද(24) දින පාසල් නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා..
මාතර, තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණි පවත්වාගෙන යන දෙමහල් ගොඩනැගිල්ල අසල පස් කන්දක ඇතිව තිබෙන සුළු නායයාමේ තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි සඳහන්.
අඛණ්ඩව පවතින වර්ෂාව නිසා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 06 වැනි ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක් සහ 08 ශ්‍රේණියේ සමාන්තර පන්ති 5ක දරුවන්ට මෙසේ පාසල් නිවාඩු ලබාදීමටයි පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.
Share This Article