කැලණිය සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිසුන් 21 දෙනෙකුගෙන් ප්‍රකාශ
Thursday, 24 October 2024 - 8:31 | Views - 434

කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද(24) සිදු කිරීමට නියමිතයි.

ඒ, රාගම ශික්ෂණ රෝහලේදීයි.

මේ අතර, ඊයේ පස්වරුවේ මෙම ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පිඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු තවත් සරසවි මිතුරන් පිරිසක් සමඟ ශිෂ්‍ය නේවාසිකාගාරයේ හතරවන මහලේ මත්පැන් පානය කර ඇති අතර, පසුව එහි ජනේලයක් මත නැගී පහළට මුත්‍රා කරන අවස්ථාවේ ඉන් පහළට ඇද වැටෙන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top