යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්..
Wednesday, 23 October 2024 - 15:01 | Views - 320
යුද්ධ හමුදාවේ කීර්ති නාමයට හානි පමුණුවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,
"වගකීම් විරහිත පුද්ගලයන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික වාසි තකා මාධ්‍ය ආචාර ධර්ම වලට පටහැනිව අසත්‍ය තොරතුරු මෙසේ සමාජ ගතකිරීම මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මහජනතාව අතර දීර්ඝකාලීනව පවතින සුහදත්වය පළුඳු කිරීමේ අසාර්ථක උත්සාහයක් ලෙස මෙවැනි ක්‍රියා පෙන්වා දිය හැකියි.. මේ හේතුවෙන් ඉදිරියේදි වක්‍රව ජාතික ආරක්‍ෂාවටද තර්ජන එල්ලවිමේ හැකියාවක් පවතිනවා.. ඉතා සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය සහ වෛරය පතුරන ප්‍රකාශ වගකීමෙන් යුතුව යුද්ධ හමුදාව විසින් තරයේ හෙලා දකිනවා.. පවතින රජයට පක්ෂපාතීව රටේ ජාතික ආරක්ෂාවට සෘජුවම වගකියන යුද්ධ හමුදාවේ කීර්තිනාමයට හානි පමුණුවමින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරුවලට ජනතාව නොරැවටෙන ලෙසත් යුද්ධ හමුදාව කෙරෙහි පවතින විශ්වාසය කිසිදු අයුරකින් පළුඳු කර නොගන්නා ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.."
Share This Article