ගිලිහුණු දුරකතනය ගන්න ගිය තරුණියකට නොසිතූ අනතුරක්. ගල්පර දෙකක් අතර , උඩුයටිකුරුව සිරවෙයි (Photos)
Wednesday, 23 October 2024 - 9:45 | Views - 341
ඕස්ට්‍රේලියාවේ කඳු නැගීමට ගිය තරුණියක් අතින් සිය ජංගම දුරකථනය ගිහිලී තිබෙනවා.එය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ජංගම දුරකථනය ලබාගැනීමට උත්සාහ කළ තරුණියක් ලිස්සා ගොස් ගල්පර දෙකක් අතර සිරවී තිබෙනවා.Matilda Campbell නම් මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්‍රදේශයේදී බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වුණු ආරක්ෂක නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඇයව බේරා ගන්න සමත් වී තිබුණා.ගලවා ගැනීමේ නිලධාරීන් එහි පැමිණෙන මොහොත වන විටත් අදාළ තරුණිය පැයක පමණ කාලයක් තිස්සේ උඩු යටිකුරුව සිරව සිට ඇති බවටයි වාර්තා වෙන්නේ.. කොහොම වුණත්, සුළු සීරීම් සහ තැලීම් පමණක් සහිතව ඇයව සාර්ථකව බේරාගැනීමට අදාල නිලධාරීන් සමත්ව තිබුණා.එහෙත් ඇගේ දුරකථනය ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..
Share This Article