CIDයට ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් බව ජොන්ස්ටන් දැනුම්දෙයි ?
Tuesday, 22 October 2024 - 9:15 | Views - 403

UPDATE..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෙට (23) ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතීඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් මීට පෙර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා.

------------------------------------------------------------------

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකට යි.

ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

එමෙන්ම, හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද කුරුණෑගල පොලිසිය දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මේ වනතෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොමැති බවද සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top