අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තවත් විශේෂ නිවේදනයක්..
Saturday, 19 October 2024 - 10:50 | Views - 433

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් ඔස්සේ දැනුම්දීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හා විෂය ධාරාවේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ, සෑම පාසලකටම පෙර වර්ෂවලදී ඇතුලත්වූ ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් වෘත්තීය විෂය ධාරාව සඳහා යොමුකිරීමට සැලැස්මක් සකස් කිරීමටද කලාප අධ්‍යාපන කාර්යාලවලට උපදෙස් ලබාදී ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top