ඇඟිල්ල මාරු වෙලා , මෙන්න බලන්න ඡන්දෙට ආපු නවතම ගැසට්ටුව..
Thursday, 17 October 2024 - 9:04 | Views - 446
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම 2024.10.26 දින පැවැත්වීමට නියමිත අතර , එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.
එමෙන්ම යම් අයෙකුගේ මහපටඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් සළකුණු කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු කළ පාටගැන්වීම ඇතැම්විට තවමත් පැවතීම මීට හේතුව බවද දක්වා තිබෙනවා.
Share This Article