"මම පොඩි නෑ ලොකුයි...මට මාලිමාවෙනුත් ඉල්ලන්න තිබ්බා..." හදිස්සියේම ලයිව් ඇවිත් වෙච්ච දේ හැඬූ කඳුළින් කියූ අශේන්..
Saturday, 12 October 2024 - 12:35 | Views - 481


'යූටියුබ්' මාධ්‍යයේ වගේ ම 'සමාජ මාධ්‍ය' තුළත් අතිශය ජනප්‍රිය 'අශේන් සේනාරත්න' මේ වෙන කොට සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වෙන චරිතයක්.

ඒ මෙවර මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමත් එක්ක.

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට ඔහුගේ නාමයෝජනාව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඊයේ ඔහු ගොස් තිබුනේ ස්වාධීන කණ්ඩායමේ නායකයා ලෙසයි.

කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ජනක කුමාර සඳහන් කළේ බලය නොමැති අයෙකු විසින් නාමයෝජනා භාරදීම හේතුවෙන් ඔහුගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට තමන්ට සිදු වූ බවයි.

මෙම සංසිද්ධියෙන් ඔහු කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිය මුහුණු පොත හරහා ඒ පිලිබදව විස්තර කිරීමට කටයුතු කර තිබුණා.

අනතුරුව ඊයේ රාත්‍රියේද සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබදව පැහැදිලි කිරීමට ඔහු කටයුතු කර තිබුණා.

එහිදී තමා නීති ශිෂ්‍යයෙකු ලෙස නීතිය හදාරා තිබෙන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වරයාට එරෙහිව නඩු මගට යන බවත් පවසන ඔහු උසාවියේදී හමුවෙමු යයි එම වීඩියෝවෙන් සදහන් කරනවා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top