අදම ගිහින් ගන්න - එළවළු මිලෙහි දැවැන්ත වෙනසක්..
Saturday, 12 October 2024 - 11:16 | Views - 798

පවතින වැසි තත්ත්වය හේතුවෙන්, පෑලියගොඩ එළවළු මිලෙහි විශාල අඩු වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, කැරට් තොග කිලෝවක් රුපියල් 100 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 200 කටද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400 කටද, බෝංචි කිලෝවක් රුපියල් 280 කටද, ලීක්ස් කිලෝවක් රුපියල් 160 කටද, ගෝවා කිලෝවක් රුපියල් 100 කටද, තක්කාලි කිලෝවක් රුපියල් 250 කටද අලෙවි වන බවයි පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, කරවිල කිලෝවක් රුපියල් 350 කටද, රාබු කිලෝවක් රුපියල් 50 කටද, පතෝල කිලෝවක් රුපියල් 200 කටද, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100 කටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කටද, වැටකොලු කිලෝවක් රුපියල් 150 කටද අලෙවි වෙනවා.

ලූනු කොළ කිලෝවක් රුපියල් 180 කටද, බීට් රූට් කිලෝවක් රුපියල් 80 කටද, මුරුංගා කිලෝවක් රුපියල් 300 කටද, නෝකෝල් කිලෝවක් රුපියල් 100 කටද, දෙහි කිලෝවක් රුපියල් 200 කටද, ඉඟුරු කිලෝවක් රුපියල් 800 කටද, වම්බටු කිලෝවක් රුපියල් 150 කටද, මැකරල් කිලෝවක් රුපියල් 150 කටද, තලන බටු කිලෝවක් රුපියල් 180 කටද, බී ලුනු කිලෝවක් රුපියල් 250 කටද, අල කිලෝවක් රුපියල් 160 කටද අලෙවි කෙරුණු බවයි සඳහන් වන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top