සජබ ලැයිස්තුවෙන් දමිතාව කපලා
Friday, 11 October 2024 - 12:49 | Views - 240
රංගන ශිල්පිනී දමිතා අබේරත්නගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් ව නොමැති බව වාර්තා වනවා.
ඇය , මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි විට ඇයට දැනුම් දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.
කෙසේ වෙතත්, දමිතා අබේරත්න පසුගිය දිනවල මාධ්‍යට පැවසුවේ, තමා රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බවයි.
Share This Article