ගම්පහ ඇතුළු ප්රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්
Friday, 11 October 2024 - 10:46 | Views - 310
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. අද(11) දිනයේ දිවයිනට බලපාන වාර්ෂාපතනය හේතුවෙන්, මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ ප්රදේශවල ජනතාවට ඉතා ප්රවේශමෙන් කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.



Share This Article