පොලිසියෙන් විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්..
Friday, 11 October 2024 - 8:50 | Views - 279
රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ එම දේපළ සහ වාහන පිළිබඳව දැනුම් දිය හැකියි.
මේ අතර, එලෙස නිවැරදි තොරතුරු දන්වන පුද්ගලයින්ට පොලිසියෙන් ත්‍යාගයක් ලබාදෙන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.
එමෙන්ම, එලෙස තොරතුරු සපයන්නාගේ රහස්‍යභාවයද ආරක්ෂා කෙරෙන බවද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළා.
Share This Article