හෙට දිනයේ විශේෂ රථවාහන සැලැස්මක්
Thursday, 10 October 2024 - 14:32 | Views - 254
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාරදීම වෙනුවෙන්, නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ රථවාහන සැලැස්මක් හෙට (11) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව, හෙට උදෑසන 08.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුළ බේස්ලයින් මාර්ගය නාරාහේන්පිට හන්දිය සිට පාර්ක් පාර හන්දිය දක්වා කොළඹින් පිටවීමේ (කිරුලපන දෙසට ඇති වම්පස) මංතීරුව වසා තැබීමට කටයුතු කරනු ලබන අතර, එම මාර්ගයේම අනෙක් මංතීරුව පාර්ක් පාර හන්දියේ සිට නාරාහේන්පිට හන්දිය දක්වා බොරැල්ල දෙසට ඇතුළුවීමේ මංතීරුව රථවාහන දෙපසටම ගමන් කීරීමට හැකි වන පරිදි විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා.

රථවාහන ගමනා ගමනය සීමා කිරීමට යෝජිත මංසන්ධි..

 මහවත්ත හන්දියෙන් බේස්ලයින් මාර්ගයේ නාරාහේන්පිට දෙසට ඇතුළුවීම සීමා කර එම වාහන තිඹිරිගස්යාය මාර්ගයට හා දාබරේ මාවත දෙසට යොමු කිරීම.

 තිඹිරිගස්යාය පාර කිරුළ පාර හන්දියෙන් කිරුළ පාර රථවාහන ඇතුළුකිරීම සීමා කර එම වාහන හයිලෙවල් මාර්ගය දෙසට යොමු කිරීම.

 උද්‍යාන පාර හයිලෙවල් පාර හන්දියෙන් වාහන ඇතුළුකිරීම සීමා කර හයිලෙවල් මාර්ගයෙන් තුම්මුල්ල දෙසට හා කිරුළපන දෙසට යොමු කිරීම.

 බේස්ලයින් පාර හයිලෙවල් පාර හන්දියෙන් බේස්ලයින් මාර්ගයට ඇතුළුකිරීම සීමා කර එම වාහන තුම්මුල්ල දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.

 නාවල පාර නාරාහේන් පිට පාර නාවල හන්දියෙන් නාරාහේන්පිට දෙසට වාහන ඇතුළු කිරීම සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු
කිරීම.

 නාවල පාර කිරිමණ්ඩල හන්දියෙන් කිරිමණ්ඩල මාවතට ඇතුළු වන වාහන සීමා කර එම වාහන රාජගිරිය දෙසට හා නුගේගොඩ දෙසට යොමු කිරීම.

නාම යෝජනා භාරදීමට පැමිණෙන රථවාහන ගාල් කිරීමට යෝජිත ස්ථාන...

 පාර්ක් පාර ශාලිකා ක්‍රීඩාංගණයේ රථ ගාල.

 පාර්ක් පාර ෆුඩ් සිටිය අසල මාර්ගයේ ඩඩ්ලි සේනානායක විද්‍යාලය දක්වා ශාලිකා ක්‍රීඩාංගණය පැත්තේ එක් මංතීරුවක්.

 බේස්ලයින් පාර පොල්කේන්ගොඩ හන්දිය සිට හයිලෙවල් පාර දක්වා කොළඹට ඇතුල්වන මාර්ගයේ එක් මංතීරුවක්.

 බේස්ලයින් පාර මහවත්ත හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා කොළඹට ඇතුල් වන මාර්ගයේ එක් මං තීරුවක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top