තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න..
Thursday, 10 October 2024 - 10:05 | Views - 246

2024 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතයි.
එසේම, අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024.11.01 සහ 2024.11.04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.
සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024.11.07 සහ 2024.11.08 යන දෙදින කොමිසම විසින් නම් කර තිබෙනවා.
මේ අතර, තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024.10.16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.10.23 දින සිදු කරනු ලබනවා.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපෑලට භාරදීම 2024.10.26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්රිකා විශේෂ බෙදීමේ දින ලෙස 27,31 සහ 03 වන දින නම් කර තිබෙනවා.
නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදීමේ අවසන් දිනය වන්නේ 2024.11.07 වනදායි.
Share This Article