'' දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා.. එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක.. '' රාධ්‍යා ගැන ඇගේ පියා කී සංවේදී කතාව..
Wednesday, 09 October 2024 - 13:17 | Views - 444

ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව, මෙම දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, තවමත් ඒ ගැන එක එක විදිහේ කතා අහන්න දකින්න ලැබෙනවා..

ඇය මෙහෙම ඇගේ ජීවිතයට අනතුරක් කරගන්ත්තේ ඇයි.. ඇය යම් මිත්‍යා විශ්වාසයකින් පසුවූ දැරියක්ද..? කොහොම වුණත් මේ අනතුර කරගන්න මොහොතකට පෙර ඇය ඇගේ පියා හමුවී තිබෙන බවට වාර්තා වෙනවා,

ඒ පාසල් ගේට්ටුව ළඟදී..

රාධ්‍යා මෙත්මලී ගුණසේකර නම් දැරියගේ පියා වන මංගල ගුණසේකර මෙන්න මේ වගේ කතාවක් එදා දවසේ තම දියණිය අවසන් වරට අමුවීම ගැන කියා තිබුණේ ඇගේ හදිසි මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදීයි..

රාධ්‍යා කියන්නේ ඔහුගේ දෙවැනි දියණියයි.. ඇය මේ අවුරුද්දේ ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි දැරියක්.. රබර් නිෂ්පාදන හා සම්බන්ධ ව්‍යාපාරයක් කරන රාධ්‍යාගේ පියා සහ ඇගේ බිරිඳ නිතර නිතරම ඇය ගැන සොයා බලන්නට වුණා.. එදා අවසාන වරට ඔහු දියණිය ගැන තිබූ මතකය මෙන්න මේ විදිහට විස්තර කළා..

"දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නැහැ. එදා උදේ 07.10 ට මම එයාව පාසල් ඇරලුවා. එදා අමතර පන්තියක් තියනවා කියලත් කීවා. මම එයාට හවස 05 ට දුරකතන ඇමතුමක් ගත්තත් ඒකට එයා කතා කළේ නැහැ...

අපි දුවට පෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරල කෑම එක දීලා ගෙදර ගියා...

හවස 04.55 ට මම ඉස්කෝලේ ළඟට ගිහිං දුවට කතා කරාම එයාගේ ෆෝන් එක ආන්ස්වර් කළේ පොලිිසියෙන්. පොලිසියේ මහත්තයා කීවා දුවට අනතුරක් වෙලා තියෙනවා වහාම නෙළුම් කුළුණට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැනගත්තේ..."

කොහොම වුණත් ඇය තමන්ගේ හොඳම මිතුරන්ගේ හැරයාමෙන් පසු නැවතත් පන්තිය තුළ පවා හුදෙකලා වූ බවත්, ඇය දිවා ආහාරය පවා ප්‍රතික්ශේප කරන තරමේ මානසික ගැටලුවකින් සිටි බවයි ඇගේ පියා මෙහෙදී පවසා තිබුණේ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top