හිස් අතින් රට රැකියාවට ගිය ඔහු දැන් මිලියනපතියෙක් ? පිරිසිදු කරන්නෙක් වෙලා මෙහෙම උපයන්න පුළුවන් ද ?
Wednesday, 09 October 2024 - 9:48 | Views - 255
ඔහු ඇත්තෙන්ම හැබෑ දක්ෂයෙක්.. තමන්ගේ උත්සාහය කැපවීම මත ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කළ තරුණයෙක්.. 

ඔහු ඕස්ට්‍රේලියාවට ගියේ හරියටම මීට දශකයකට පමණ පෙරදීයි.. ශ්‍රී ලංකික තරුණයෙකු වූ විනුල් කරුණාරත්න ගැන මේ වනවිට බොහෝ දෙනා කතා වෙන්නේ ඔහු මිලියනපතියකු බව එරට මාධ්‍ය වාර්තා කිරීමෙන් පසුවයි.. කිසිම දේපළක් නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණි විනුල් වසර 5 ක් තුළ ඔහු නිරතවූ අර්ධ කාලීන රැකියාවෙන් ඩොලර් මිලියන 1.2 ක මුදලක් උපයා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබුණා..

විනුල් කරුණාරත්න මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන බවත් සෙවන් ඉලෙවන් සුපිරිවෙළඳසැල් ජාලයේ රාත්‍රී වැඩ මුරයේ සේවය කරන අතරතුර 2019 වසරේ සිට අර්ධ කාලීනව පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වී තිබුණා..

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ, විනුල් ඕස්ට්‍රේලියාවේ සේවා සපයන වෙබ් අඩවියක් වන එයාර් ටාස්කර් වෙබ් අඩවිය ඔස්සේ පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත වී ඇති බවත් මේ වනවිට එම වෙබ් අඩවියේ ඉහළම අදායම් උපයන 10 දෙනා අතරට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙන බව‍යි..

ඔහු කාර්යාල සහ නිවාස පිරිසිඳු කර දවසට ඩොලර් 1000 - 1400 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක් පමණ) උපයන බවත් ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන්ට සුඛෝපභෝගී නිවසක්ද ඔහුගේ මිලදී ගැනීමට සිහින මැවූ මෝටර් රථයද මේ වනවිට මිලදී ගැනීමට විනුල්ට හැකියාව ලැබී තිබීම ඇත්තටම සතුටට කරුණක්.. 












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top