වාහන ආනයනය සහ ලීසිං ගැටලු ගැන නවතම හෙළිදරව්ව
Tuesday, 08 October 2024 - 16:01 | Views - 7,523

ඔක්තෝබර් මාසයේ වාහන ආනයනය කිරීමට අවස්ථාව සලසන බව පැවසුවත්, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් නැතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා..

ඔවුන් පෙන්වා දෙන්නේ, එලෙස වාහන ආනයනය කළ ද විශාල ලෙස වාහන මිල පහළ නොයන බවයි..

මේ අතර, වාහන සම්බන්ධ ගැටලු මුල් කරගනිමින් ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් භාර දී තිබෙනවා.

ලීසිං වාහන බලහත්කාරයෙන් රැගෙන යෑමට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට මෙසේ ලිපියක් භාර දුන් බව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, එම සංගමයේ නියෝජිතයින් දෙදෙනෙකුට ජනාධිපති ලේකම්වරයා හමුවීමට අවස්ථාව හිමි වූ අතර, ඔවුන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමුකරන බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවත් එහිදී ජනාධිපති ලේකම්වරයා පවසා තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top