වැඩිකළ මුදල සමඟ සඳුදා සිට ලැබෙන සහනාධාරය..
Tuesday, 08 October 2024 - 12:50 | Views - 643
ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීම ලබන සදුදා (14) දා සිට අම්පාරෙන් ආරම්භ කෙරෙන බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.
අද (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.
එසේම, පළමු අදියරේ දී රුපියල් පහළොස්දහසක් සහ දෙවන අදියරේ දී , රුපියල් දසදහසක් මේ යටතේ ලබාදීමට නියමිත බවද සඳහන් වුණා.
Share This Article