මිල්ටන්ගෙන් අමෙරිකාවට දැඩි බලපෑම්
Tuesday, 08 October 2024 - 10:22 | Views - 252
අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්රාන්තයට මිල්ටන් සුළි කුණාටුවෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
හෙලීන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින කිහිපයක් ඇතුළතයි මෙලෙස මිල්ටන් සුළි කුණාටුවේ බලපෑමට ෆ්ලොරීඩා ප්රාන්තය මුහුණ දී ඇත්තේ.
එසේම, මේ වනවිට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති ප්රදේශවල පුද්ගලයින් ලක්ෂ 05ක් පමණ ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.
එමෙන්ම ගුවන් ගමන්වලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පැයට කිලෝමීටර් 285ක වේගයෙන් මෙම සුළි කුණාටුව හමා යන බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
Share This Article