නෙළුම් කුලුනෙන් පැන්න සිසුවිය ගැන වැඩිදුර තොරතුරු...
Tuesday, 08 October 2024 - 7:04 | Views - 610
කොළඹ නෙළුම් කුලුනේ නැරඹුම් මහලේ සිට බිමට පැන ඊයේ (07) සියදිවි හානිකරගත් ජාත්‍යන්තර පාසල් සිසුවිය කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පසුගිය ජූලි 02දා බිමට පැන සිය දිවි හානි කරගත් සිසුවාගේ සහ සිසුවියගේ හොඳම මිතුරියක් බව පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන සිය මිතුරියත් මිතුරාත් මිය යාම සම්බන්ධයෙන් මෙම සිසුවිය යම් කළකිරීමකින් සිට ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව සඳහන් කර තිබෙනවා.

කොළඹ 07 පිහිටි ජාත්‍යන්තර පාසලක මෙම සිසුන් තිදෙනාම අධ්‍යාපනය ලබා ඇති අතර, සිය මිතුරියත් මිතුරාත් සියදිවි හානිකරගෙන මාස තුනකට පමණ පසු ඇය සියදිවි හානිකරගෙන ඇත්තේද මිතුරාත් මිතුරියත් සියදිවි හානිකරගත් ආකාරයටම බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

නෙළුම් කුලුනෙන් බිමට පැන සියදිවි හානිකරගෙන ඇති සිසුවිය කොල්ලුපිටියේ පදිංචි ව්‍යාපාරික පවුලක දරුවෙක් බව පොලිසිය සඳහන් කරනවා. රද්‍යා ගුණසේකර නමැති ඇය වයස අවුරුදු 15ක් වන ජාත්‍යන්තර පාසලේ 11 පංතියේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.

පාසල නිමවීමෙන් අනතුරුව ඇය කුරුඳුවත්තේ සිට නෙළුම් කුලුනට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරසී බව පොලිසිය සඳහන් කරනවා. පාසල් නිල ඇඳුම දැමූ පාසල් බෑගය නෙළුම් කුලුනේ නැරඹුම් ස්ථාන කොටසේ තිබී පොලිසියට හමුවී ඇති අතර, එහි තිබී සිසුවියගේ යැයි සැකකරන ජංගම දුරකථනයක්ද හමුවී තිබෙනවා.

කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පැන්න සිසුවියත් සිසුවාත් පාසල් නිල ඇඳුමින් පැමිණ පසුව, එම නිවාස සංකීර්ණයේ දී ඇඳුම් මාරුකරගෙන ඉහළ මහලට ගොස් සියදිවි හානිකරගෙන තිබුණා.

නෙළුම් කුළුනෙන් පැන්න සිසුවිය නෙළුම් කුළුනට ඇතුළුවීමට ටිකට්පතක්ද රැගෙන 29 වැනි මහල ලෙස නම්කර ඇති නැරඹුම් මහලට ගොස් සිය සපත්තු ගලවා බැම්මට මතට නැඟ බිමට පැන ඇත්තේ, සවස 3.30ත් 4.00ත් අතර බව පොලිසිය කර තිබෙනවා. එම සපත්තු ජෝඩුවද විමර්ශනයේ දී පොලිසියට හමුවී ඇති අතර, ඇය බිමට පැන ඇත්තේද ආරක්ෂක නිලධාරීන් මෙන්ම නැරඹුම් මහලේ සිටි බොහෝ පිරිසක් මඟ හැර හුදෙකලා ස්ථානයකින් බව ද විමර්ශනයේ දී පොලිසියට පෙනී ගොස් තිබෙනවා.

නැරඹුම් මහලේ සිට බිමට පැන්න ඇය එහි දී වැටී ඇත්තේ තෙවැනි මහලේ කොන්ක්‍රිට් තට්ටුව මතටයි.

කොළඹ අල්ට්‍රා ටවර් මහල් නිවාස සංකීර්ණයෙන් පැන්න සිසුවියත් සිසුවාත් වැටී තිබුණේ මෙසේ අතරමැදි මහලක් මතටයි.

මෙම සිසුවිය නෙළුම් කුළුනට පැමිණ ඉහළ මහල වෙත ගමන් කරන අයුරු මෙන්ම නැරඹුම් මහලේ ඇය සැරිසරන අයුරු ආරක්ෂක කැමරාවලද සටහන්ව තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට ඉදිරියේ දී පොලිසිය කටයුතු කරනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සිසුවිය නෙළුම් කුළුනෙන් බිමට පැන්න නැරඹුම් ස්ථානයේ සිට ඇය බිමට වැටුණු තුන්වැනි මහල අතර උස මීටර් 250ට වැඩි බවත්, මෙරට ඉතිහාසයේ ගොඩනැඟිල්ලක මෙතරම් ඉහළකින් බිමට පැන සිය දිවි හානිකර ගැනීමක් සිදුකළ පළමු අවස්ථාව මෙන්ම නෙළුම් කුළුනෙන් පැන සියදිවි හානාකරගත් පළමු තැනැත්තිය ඇය වන බවත්, සඳහන් වනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top