මේ මාසේ ලාෆ්ස් ගෑස් මිලත් අඩුවෙන්නේ නෑ
Friday, 04 October 2024 - 10:30 | Views - 302
ඔක්තෝබර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ අධ්යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.
ඒ අනුව ,පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති.
අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.
එහිදී, කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර, එහි මිල රුපියල් 3,680ක් ලෙස මෙම මාසයේ දී ද අළෙවි කිරීම සිදු කරනවා.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩු වී ඇති අතර, එය රුපියල් 1,477 ලෙසයි අළෙවි වන්නේ.
Share This Article