මුඛ ආවරණ පළඳින මෙන් සෞඛ්‍ය අංශයන්ගෙන් උපදෙස්..
Friday, 04 October 2024 - 10:19 | Views - 518
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තවමත් සමාජයේ පවතින බැවින් රෝගී ලක්ෂණ ඇති දරුවන්ට මුඛ ආවරණ පැළඳවීමට මව්පියන් වගබලා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා.
උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ.
එමෙන්ම, නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇති.
Share This Article